විරෝධතා කැඳවීම

ගව ඝාතකාගාරයක් සඳහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා කැඳවීමයි. එම්.එම්. අල්තාෆ් යන අය විසින් බෝවැල්ල පාර, ඇලහිල්ලෑව වත්ත, දනාගම යන ස්ථානයේ ගව ඝාතකාගාරයක් ආරම්භ කිරීමට අනුමැතිය ඉල්ලා ඇත. එබැවින් මාවනැල්ල බල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔබගෙන් විරෝධතා කැඳවනු ලැබේ. එකී විරෝධතා ලිඛිත ව පිටපත් දෙකකින් 2024 පෙබරවාරි 02 දිනට පෙර මා වෙත යොමු කරන ලෙස දන්වා සිටිමි.

ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරි,
මාවනැල්ල ප්‍රාදේශීය සභාව.

පරිසර දිනය

ජගත් පරිසර දිනයට සමගාමීව මාවනැල්ල ප්රාදේශීය සභාව විසින් මාවනැල්ල පොලිසිය, ⁣සෞඛ්ය ⁣වෛද්ය නිලධාරි කාර්යාලය, ගනේතැන්න ගම්වාසීන් හා එක්ව හිඟුල් ඔය පුංචි පාලම දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ රුක්රෝපණ වැඩසටහනක් ක්රියාත්මක කරන ලදි. මාර්ග දෙපස කසල දැමීම තහනම් පුවරුවක් ද සවි කරන ලදි.

2023 පොසොන් පොහොයට සමගාමීව, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සේවක මණ්ඩලය විසින් නිර්මාණය කරනු ලබන "පොසොන් පහන් කූඩුව "

පොසොන් පොහොය නිමිති කොටගෙන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ කාර්‍ය මණ්ඩලය විසින් සංවිධානය කළ කාව්‍ය විශාරද අති පුජ්‍ය දීවල චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගේ කාව්‍යමය ධර්ම දේශනය 2023.06.02 දින

2023 වසරේ ජාත්‍යන්තර ගිනිභට දිනය සමරමින් මාවනැල්ල ප්‍රාදේශීය සභා ගිනි නිවීම් ඒකකය 2023.05.03 වැනි දින

ආයුර්වේද ජංගම සායනය - ‌වේරගොඩ -2023/03/15

ලෝක ළමා දින වැඩසටහන - 2022/11/14

ආයුර්වේද ජංගම සායනය - හෙම්මාතගම,කොටේගොඩ-2022/12/21

ආයුර්වේද ජංගම සායනය-අම්බලාව - 2022/10/18