මාවනැල්ල ළමා පුස්තකාලය

දැක්ම

දැනුමෙන් ස්වයං පෝෂිත පරපුරක් බිහි කිරීම

මෙහෙවර

අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවගේ දැනුම සහ ආකල්ප දියුණු කිරීමේ පරමාර්ථයෙන් ඹවුන්ගේ බුද්ධි සංවර්ධනයට ඉවහල් වන පොත්පත්, සඟරා, පුවත්පත් සහ අනෙකුත් දැනුම් මුලාශ්‍ර ඒකරාශී කරමින් දැනුමින් සපිරි සමාජයක් බිහි කිරීම.

හැඳින්වීම
මාවනැල්ල ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ දරුවන්ගේ දැනුම නංවාලීම වෙනුවෙන් 2012 වර්ෂයේදී ආරම්භකරන ලද පුස්තකාලයක් ලෙස මාවනැල්ල ළමා පුස්තකාලය හැදින්විය හැකි වේ. මෙහි දැනට 403 ක පමණ සාමාජික පිරිසක් සිටින අතර විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් 3220 ක පමණ ළමා පොත්ප්‍රමාණයක් පවතී. පුස්තකාල උපදේශන කාරක සභාව විසින් නිර්දේශ ලබා ගනිමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාව මඟින් සභා අරමුදල යොදවමින් නොමිලේ ප්‍රදේශයේ දරුවන් වෙත පුස්තකාල පහසුකම් සැපයීම සිදු කරනු ලබයි. දෛනිකව පුස්තකාලය භාවිතා කිරීම සඳහා පැමිණෙන පාඨකයින්ගේ පහසුව හා ඔවුන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් පහත සඳහන් පහසුකම් පුස්තකාලය තුළ සපයා ඇත.

I. ඩිව් දශම වර්ගීකරණයට අනුව පොත් වර්ග කර තිබීම.
II. පොත් විෂයන් අනුව හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ණ යොදමින් වර්ගීකරණය කර තිබීම.
III. කියවීමේ පහසුකම්.
IV. පාඨක යෝජනා හා චෝදනා වෙනුවෙන් අවස්ථාව වෙන් කර තිබීම.
V. වාර්ෂිකව පොත් සංඛ්‍යාව වර්ධනය කිරීම.

පුස්තකාලයේ අංශ

 බැහැර දෙන අංශය
 ළමා අංශය
 පුවත්පත් අංශය

විවෘතව තබන වේලාව

සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව.4.45 දක්වා

පුස්තකාල ගාස්තු –

 අයදුම්පත්‍ර ගාස්තුව – රු .10.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා පිටත ළමා අයෙක්
සදහා සාමාජිකත්වයක් ලබා දීම – රු.50.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා ප්‍රාදේශීය සභා බල
ප්‍රදේශයෙන් පිටත සාමාජිකත්වය ඇතුළත් කිරිම – රු.50.00
 පුස්තකාල සාමාජිකත්වය අලුත් කිරීමේ ගාස්තුව – රු 50.00
 පාඨක සමාජයේ මාසික සාමාජික ගාස්තුව – රු.50.00
 පොත් ප්‍රමාද ගාස්තුව එක් දිනකට – රු.5.00
 නැති වු පොතක් සදහා අයකරන ගාස්තුව දෙපාර්තමේන්තු ගාස්තුව – 25%+ පොතෙහි
වටිනාකම

කාර්යය මණ්ඩලය

ජේ.පී.ඒ.ඩී.කේ.ජයතිලක,
පුස්තකාලාධිපති,
මාවනැල්ල ළමා පුස්තකාලය.
දු.අ. – 070-4687972