පුස්තකාල සේවාව

මෙම සේවාවේ ප්‍රධාන අරමුණු මහජනයාට පොත්පත්, වාර සඟරා, පුවත්පත් ආදිය පහසුවෙන් කියවීමට බැහැරව ගෙන යාම, එහි කරුණු ස්ථාපිත කර ගැනීම හා නව තාක්ෂණික පහසුකම් ලබාදීමට සුදුසු ස්ථාන පිහිටුවා පවත්වාගෙන
යාමට ක්‍රියා කිරීමයි.

පුස්තකාල ගාස්තු –

 අයදුම්පත්‍ර ගාස්තුව – රු .10.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා පිටත වැඩිහිටි අයෙක් සදහා සාමාජිකත්වයක් ලබා දීම(වැඩිහිටි සහ ළමා දෙපිරිසටම) – රු.50.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත සාමාජිකත්වය ඇතුළත් කිරිම – රු.50.00 (වැඩිහිටි සහ ළමා දෙපිරිසටම)
 පුස්තකාල සාමාජිකත්වය අලුත් කිරීදේ ගාස්තුව – රු 50.00
 පාඨක සමාජයේ මාසික සාමාජික ගාස්තුව – රු.50.00

 පොත් ප්‍රමාද ගාස්තුව එක් දිනකට – රු.5.00
 නැති වු පොතක් සදහා අයකරන ගාස්තුව දෙපාර්තමේන්තු ගාස්තුව – 25%+ පොතෙහි වටිනාකම

පුස්තකාල

බල ප්‍රදේශයේ මහජනයාගේ හා දරුවන්ගේ අධ්‍යාපන හා දැනුම වර්ධනය කිරීම, පාසල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනයට ඉවහල්වීම සහ නවීන තාක්ෂණ පහසුකම් සමග දරුවන්ට නවතම තොරතුරු හා දැනුම වර්ධනයට දායකවීම අරමුණු කරගනිමින් මාවනැල්ල ප්‍රාදේශීය සභාව විසින් පුස්තකාල 04 ක් අධීක්ෂණය කරමින් පවත්වාගෙන යනු ලබයි.

 මාවනැල්ල මහජන පුස්තකාලය
 මාවනැල්ල ළමා පුස්තකාලය
 අල්පිටිය මහජන පුස්තකාලය
 හෙම්මාතගම මහජන පුස්තකාලය