මාවනැල්ල මහජන පුස්තකාලය

දැක්ම

දැනුමෙන් ස්වයං පෝෂිත පරපුරක් බිහි කිරීම

මෙහෙවර

අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවගේ දැනුම සහ ආකල්ප දියුණු කිරීමේ පරමාර්ථයෙන් ඹවුන්ගේ බුද්ධි සංවර්ධනයට ඉවහල් වන පොත්පත්, සඟරා, පුවත්පත් සහ අනෙකුත් දැනුම් මුලාශ්‍ර ඒකරාශී කරමින් දැනුමින් සපිරි සමාජයක් බිහි කිරීම.

හැඳින්වීම

මාවනැල්ල සුළු නගර සභාව යටතේ 1960 පාලනය වූ මාවනැල්ල මහජන පුස්තකාලය 1988.01.01 දින මාවනැල්ල ප්‍රාදේශීය සභාව පිහිටුවීමත් සමඟ විධිමත් රාජ්‍ය ආයතනයක් ලෙස ස්ථාපිත විය. ඒ අනුව 1989.01.31 පළමු සාමාජිකත්වය ලබා දීමත් සමඟ මහජනතාව වෙත පුස්තකාලය විවෘත කර සේවා සැපයීම ආරම්භ කෙරුණි. මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය වන මෙය 2022

සැප්තැම්බර් 20 වන දින සිට ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මණ්ඩලය විසින් 2 ශ්‍රේණියේ මහජන පුස්තකාලයක් ලෙස ශ්‍රේණිගත කර තිබේ. මෙහි දැනට ලියාපදිංචි පාඨක සංඛ්‍යාව 8816 ක් පමණ සිටින අතර සක්‍රීයව බැහැර දෙන පාඨකයින් දෙදහසකට පමණ සේවා සලසන මහජන පුස්තකාලය මීට
අමතරව විමර්ශන පුවත්පත් සහ අධ්‍යාපන කටයුතු සඳහා ද පාඨකයින් වෙත පහසුකම් සපයා ඇත. විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් 27891 ක පමණ පොත් එකතුවකින් සුපෝෂිත මහජන පුස්තකාල ය පාඨක ලැබීම් හා වාර්ෂික අයවැය ප්‍රතිපාදන යටතේ සංවර්ධනයන් සිදු කරනු ලබයි. දෛනිකව පුස්තකාලය භාවිතා කිරීම සඳහා පැමිණෙන පාඨකයින්ගේ පහසුව හා ඔවුන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් පහත සඳහන් පහසුකම් පුස්තකාලය තුළ සපයා ඇත.

1. ඩිව් දශම වර්ගීකරණයට අනුව පොත් වර්ග කර තිබීම.
2. පොත් විෂයන් අනුව හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ණ යොදමින් වර්ගීකරණය කර තිබීම.
3. කියවීමේ පහසුකම් සලසා තිබීම.වාර්ෂිකව පොත් සංඛ්‍යාව වර්ධනය කිරීම.
4. පුස්තකාල උපදේශන කාරක සභාව විසින් නිර්දේශ ලබා ගනිමින් වඩාත් හොඳ සේවයක් බල
ප්‍රදේශයේ ජනතාව වෙත පහසුකම් සැපයීම.
5. පාඨක යෝජනා හා චෝදනා වෙනුවෙන් අවස්ථාව වෙන් කර තිබීම.

පුස්තකාලයේ අංශ

 බැහැර දෙන අංශය
 විමර්ශන අංශය
 ළමා අංශය
 පුවත්පත් අංශය
 පොත් බැඳුම්කරණ අංශය

විවෘතව තබන වේලාව
සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව.4.45 දක්වා

පුස්තකාල ගාස්තු –

 අයදුම්පත්‍ර ගාස්තුව – රු .10.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා පිටත වැඩිහිටි අයෙක් සදහා සාමාජිකත්වයක් ලබා දීම(වැඩිහිටි සහ ළමා දෙපිරිසටම) – රු.50.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත සාමාජිකත්වය ඇතුළත් කිරිම – රු.50.00 (වැඩිහිටි සහ ළමා දෙපිරිසටම)
 පුස්තකාල සාමාජිකත්වය අලුත් කිරීමේ ගාස්තුව – රු 50.00
 පාඨක සමාජයේ මාසික සාමාජික ගාස්තුව – රු.50.00
 පොත් ප්‍රමාද ගාස්තුව එක් දිනකට – රු.5.00
 නැති වු පොතක් සදහා අයකරන ගාස්තුව දෙපාර්තමේන්තු ගාස්තුව – 25%+ පොතෙහි වටිනාකම

කාර්යය මණ්ඩලය

ජේ.පී.ඒ.ඩී.කේ.ජයතිලක,
පුස්තකාලාධිපති,
මාවනැල්ල මහජන පුස්තකාලය.
දු.අ. – 070-4687972

කේ.ආර්. නදීශානි අමරසිංහ,
පුස්තකාල සහයිකා,
මාවනැල්ල මහජන පුස්තකාලය.
දු.අ. – 077-1862570

ආර්.එම්.චාන්දනී රත්නායක,
පුස්තකාල සහයිකා,
මාවනැල්ල මහජන පුස්තකාලය.

ආර්.මිෂ්බා රෂිඩ්,
වැඩ ක්ෂේත්‍ර කම්කරු,
මාවනැල්ල මහජන පුස්තකාලය.