ආදාහනාගාර මෙහෙයුම් ක්‍රියාවලිය

ආදාහනයක් වෙන් කිරීමට පුද්ගලයෙකු පැමිණි පසු එම දිනයට
ආදාහනයක් වෙන් වී තිබේ දැයි විමසා බැලීම.
එදිනට ආදාහනයක් වෙන් කර නොමැති නම්, ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි පිළිබඳ දැනුවත් කිරීම.
මරණ සහතිකය
ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත හා පිටපත
මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත හා පිටපත
මියගිය අය පදිංචිව සිටි ග්‍රාමනිලධාරි විසින් නිකුත් කළ සහතිකය
ආදාහනය වෙන් කිරීම සඳහා වු සභාව විසින් නිකුත් කරන ලද අයදුම්පත පිරවීම සඳහා එම අයට උපදෙස් ලබාදීම.
අයදුම්පත පුරවා අවසන් වු පසු අවශ්‍ය ලියකියවිලි භාරගෙන ආදාහනය සඳහා මුදල් ගෙවීම සඳහා ලදුපත නිකුත් කිරීම.
මුදල් ගෙවීමෙන් පසුව, ආදාහනය භාර ගන්නා ලේඛනයේ අවශ්‍ය තොරතුරු සටහන් කර අනුමැති ලිපිද පුරවා අවසර පත්‍රය සඳහා අනුමැතිය ලබා ගැනීම.
අවසර පත්‍රය අදාළ පුද්ගලයින් වෙත ලබා දීම සහ ඉන් එක් පිටපතක් ආදාහනාගාර භාරකරු වෙත යොමු කිරීම. කාර්යාලීය පිටපත ගොනු කිරීම.
භාරගත් ආදාහනය පිළිබඳ ආදාහනාගාර කාර්යමණ්ඩලය දැනුවත් කිරීම.

ආදාහනයක් වෙන් කරගත හැකි වේලාවන්
පෙ. ව 11.00
ප.ව 02.00
ප.ව 04.00
ප.ව 06.00

ආදාහනාගාර සඳහා ගාස්තු අයකිරීම
ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශය ඇතුළත රු. 15,000.00
ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශයෙන් පිටත රු. 18,000.00

ආදාහනාගාර සේවක මඩුල්ල

ඩී.ඩී.එම්.කේ.ගයාන් විජේන්ද්‍ර – ආදාහනාගාර භාරකරු ( 071 – 3903770 )

එච්.ජී.ඩී.එස්.කේ රණසිංහ – ආදාහනාගාර සහායක

බී.පී.සී.සුමිත් කුමාර – සෞඛ්‍ය කම්කරු

රංජිත් සේනාධීර – වැඩ ක්ෂේත්‍ර කම්කරු