පාරිසරික ප්‍රතිපත්තිය

ඝණ අපද්‍රව්‍ය එකතු කිරීම හා කළමනාකරණය කිරීම පරිසර හිතකාමී අයුරින් හා නියාමන අවශ්‍යතා අනුව කටයුතු කිරීම. පාරසරික ප්‍රතිපත්තිය ක්‍රීයාත්මක කිරීම සඳහා පහත අනු බෙදීමකට ලක් කොට සිදුකිරීම.

1. අඛණ්ඩ වැඩිදියුණු කිරීම:
විවිධ පාර්ශවකරුවන් හා සංවිධාන සමඟ සම්බන්ධීකරණය,සහභාගීත්වය හා අධ්‍යාපනය තුළින් අංශයන් හි උත්සාහයන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම.

2. මූලෝපායික චින්තනය:
අනාගත අවශ්‍යතා සහ අභියෝගයන් අපේක්ෂා කරන අතරම අපගේ වර්තමාන අවශ්‍යතා සහ අභියෝග ජය ගැනීම සඳහා තිරසාරත්වය ප්‍රවර්ධනය කරන ව්‍යාපෘති, වැඩසටහන් හා ක්‍රියාවලීන් සඳහා කැපවීම.

3. අවංකභාවය:
එකිනෙකා හා අපගේ ප්‍රජාව සමග අවංක, සදාචාරාත්මක, වෘත්තීය සහ ගෞරවනීය ආකාරයෙන් ක්‍රියා කිරීම, පුද්ගලික වගකීම් භාර ගැනීම හා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වගකීම පැවරීම.

4. සාමූහික කටයුතු:
කාර්ය මණ්ඩලය, දැක්ම හා ක්‍රියාකාරිත්වය සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් කාර්ය මණ්ඩලයට, අපගේ ප්‍රජාව, කොන්ත්‍රාත්කරුවන් හා
පාර්ශ්වකරුවන් සමඟ ඒකාබද්ධතාව සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පාරිසරික ප්‍රතිපත්තිය ආයතනික පසුබිම
මාවනැල්ල ප්‍රාදේශීය සභාව

5. අධ්‍යාපනය:
තිරසාරත්වය, පාරිසරික වගකීම, ප්‍රතිචක්තීයකරණය සහ නිසි කසළ කළමනාකරණය පිළිබඳව අඛණ්ඩව අප හා අපගේ ප්‍රජාව දැනුවත් කිරීම.