ආයතන අංශය

සාමාන්‍ය පරිපාලනය හා කාර්යය මණ්ඩල සේවාවන්ට අදාළ රාජකාරී කටයුතු මෙම අංශය මඟින් සිදු කරනු ලබන අතර පහත පරිදි එය සවිස්තරව දැක්විය හැක.

 පොදු පරිපාලනය

මේ යටතේ සභාව වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල කාර්ය හා යුතුකම් ක්‍රියාත්මක කිරීමේදී හා ඉටු කිරීමේදී පනවනු ලබන ප්‍රතිපත්ති හා තීරණ
නිසියාකාරව අප්‍රමාදව අර්ථවත්ව ඉටු කරනු ලබන බවට තහවුරු කිරීමක් අපේක්ෂා කරනු ලබයි. එම අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සදහා පහත
පියවරයන් ගනු ලබයි.

 සභාපති හා සභිකයින්ගේ පාලනය සදහා ලේකම් සේවාව සැපයීම.
 සභාවේ රැස්වීම් පිළියෙල කිරීම හා වාර්තා පවත්වාගෙන යාම.
 සේවක මණ්ඩලය පාලනය, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් පාලන කටයුතු.
 සභාවේ සියලුම පරිපාලනමය හා විධායක කාර්යයන් නියම කිරීම, විධිමත් කිරීම හා පරිලෝචනය කිරීම.
 සභාවේ සෑම අංශයක්ම ඒකාබද්ධ කිරීමේ ඒකකය වශයෙන් කටයුතු කිරිම.
 ප්‍රාදේශීය සභාවේ දේපළ ආරක්ෂාව හා භාරකත්වය නිසැක කිරීමට ක්‍රමයක් ඇති කිරීම.
 ලේඛනාගාරය පවත්වාගෙන යාම සහ සභාවේ ලිපිගොනු, වාර්තා හා වෙනත් ලිපි ලේඛන සුරක්ෂිතව තබා ගැනීම.

 අභ්‍යන්තර විගණනය

බදු ගෙවන්නන් සහ සභාව වෙනුවෙන් පරිපාලනයේ සෑම අංශයක්ම පිරික්සීම හා විමර්ශනයට භාජනය කිරීමයි. පහත සදහන් කාර්යයන් මෙහි ප්‍රධාන කොට සැලකිය හැක.

 ප්‍රාදේශීය සභාවේ අරමුදලට ලැබිය යුතු මුදල් නිසියාකාරව අය කරනු ලබන බව සොයා බැලීම.
 වැරදි හා වංචනික ක්‍රියා වැලැක්වීම සදහා සියලුම ගිණුම් ඒකකයන් සම්බන්ධයෙන් කරනු ලබන අභ්‍යන්තර ගිණුම් විගණනය සාර්ථක ලෙස කිරීම.
 භාණ්ඩ පරිහරණය සහ කම්කරු ශ්‍රමය හරි හැටි උපයෝගී කර ගන්නේදැයි සොයා බැලීම.
 නිදැල්ලේ ඇති සභාවේ වත්කම් නොපමාව විධිමත් භාරකාරක්වය යටතට ගැනීම හා අපතේ යන කම්කරු ශ්‍රමය හා ද්‍රව්‍ය නාස්තිය වැලැක්වීමට කටයුතු කිරීම.

 කාර්ය මණ්ඩල පුහුණු කිරීම්

උසස්ම නිලධාරියාගේ සිට පහළ කම්කරුවා දක්වා ආයතනයේ සේවය කරනු ලබන සියලූම සේවකයින්ට තම කාර්යය කෙසේ කළ යුතුද යන්න පිළිබඳව හා හොඳ සේවාවක් ඇති කර ගැනීමේ අදහසින් සේවක පුහුණු ඇති කිරීම මෙහි අරමුණයි.