තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත - මාවනැල්ල ප්‍රදේශීය සභාව

රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරන්නේ ජනතාවගේ බදු මුදල් වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන මූලික සංකල්පය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කරන ලදී. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මඟින් ද තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති අතර රාජ්‍ය රහස් වැනි සීමාවන්ට යටත්ව තොරතුරු රාජ්‍ය ආයතන වලින් ඉල්ලා සිටීමේ අයිතියක් ජනතාවට තිබිය යුතුය. ජනතාවට අදාළවන පෞද්ගලික තොරතුරු හා ජනතාවගේ බදු මුදල් වලින් සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ජනතාවට ලබාදීමේ වගකීමක් රාජ්‍ය නිළධාරීන්ට ද ඇති අතර එම තොරතුරු ප්‍රමාදයකින් තොරව හා නිවැරදිව ලබාගැනීම ද ජනතාවගේ අයිතියකි.

තොරතුරු ලබා ගත යුතු ආකාරය -

තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රය මඟින්, ලිඛිත ඉල්ලීමක් මඟින්, දුරකථන ඇමතුමක් මඟින්, ඊ මේල් මඟින් නිශ්චිතව අවශ්‍ය තොරතුරු කුමක්ද යන්න පැහැදිලිව තොරතුරු නිළධාරියා වෙත දැන්වීම.

තොරතුරු නිළධාරී
පී.ඩී.ඉන්ද්‍ර මැණිකේ මිය,
ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරි ( 1 ශ්‍රේණිය),
මාවනැල්ල ප්‍රාදේශීය සභාව.

දුරකථන අංකය 035 – 2246275
ෆැක්ස් 035 – 2246275
ඊ මේල් – mawanellaps@gmail.com