අල්පිටිය මහජන පුස්තකාලය

දැක්ම

දැනුමෙන් ස්වයං පෝෂිත පරපුරක් බිහි කිරීම

මෙහෙවර

අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවගේ දැනුම සහ ආකල්ප දියුණු කිරීමේ පරමාර්ථයෙන් ඹවුන්ගේ බුද්ධි සංවර්ධනයට ඉවහල් වන පොත්පත්, සඟරා, පුවත්පත් සහ අනෙකුත් දැනුම් මුලාශ්‍ර ඒකරාශී කරමින් දැනුමින් සපිරි සමාජයක් බිහි කිරීම.

හැඳින්වීම

මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව වෙත උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් 2012 වර්ෂයේදී ආරම්භ කරන ලද පුස්තකාලයක් ලෙස අල්පිටිය මහජන පුස්තකාලය හැදින්විය හැකි වේ. මෙහි දැනට 1610 ක පමණ සාමාජික පිරිසක් සිටින අතර විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් 9530 ක පමණ පොත් ප්‍රමාණයක් පවතී. එසේම ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මණ්ඩලය විසින් 3 වන ශ්‍රේණියේ මහජන පුස්තකාලයක් ලෙස ශ්‍රේණිගත කර තිබේ. සභා අරමුදල යොදවමින් නොමිලේ ප්‍රදේශයේ ජනතාව වෙත පුස්තකාල පහසුකම් සැපයීම සිදු කරනු ලබන අතර දෛනිකව පුස්තකාලය භාවිතා කිරීම සඳහා පැමිණෙන පාඨකයින්ගේ පහසුව හා ඔවුන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් පහත
සඳහන් පහසුකම් පුස්තකාලය තුළ සපයා ඇත.

I. ඩිව් දශම වර්ගීකරණයට අනුව පොත් වර්ග කර තිබීම.
II. පොත් විෂයන් අනුව හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ණ යොදමින් වර්ගීකරණය කර තිබීම.
III. කියවීමේ පහසුකම්.
IV. පාඨක යෝජනා හා චෝදනා වෙනුවෙන් අවස්ථාව වෙන් කර තිබීම.
V. වාර්ෂිකව පොත් සංඛ්‍යාව වර්ධනය කිරීම.

පුස්තකාලයේ අංශ

 බැහැර දෙන අංශය
 විමර්ශන අංශය
 ළමා අංශය
 පුවත්පත් අංශය

විවෘතව තබන වේලාව

සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව.4.45 දක්වා

පුස්තකාල ගාස්තු –

 අයදුම්පත්‍ර ගාස්තුව – රු .10.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා පිටත වැඩිහිටි අයෙක් සදහා සාමාජිකත්වයක් ලබා දීම(වැඩිහිටි සහ ළමා දෙපිරිසටම) – රු.50.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත සාමාජිකත්වය ඇතුළත් කිරිම – රු.50.00 (වැඩිහිටි සහ ළමා දෙපිරිසටම)
 පුස්තකාල සාමාජිකත්වය අලුත් කිරීදේ ගාස්තුව – රු 50.00
 පාඨක සමාජයේ මාසික සාමාජික ගාස්තුව – රු.50.00
 පොත් ප්‍රමාද ගාස්තුව එක් දිනකට – රු.5.00
 නැති වු පොතක් සදහා අයකරන ගාස්තුව දෙපාර්තමේන්තු ගාස්තුව – 25%+ පොතෙහි වටිනාකම