ප්‍රජා අංශය


මහජන සුභසාධනය වර්ධනය කිරීමට ඉවහල් වන අයුරින් දැනුම හා අවබෝධය හා අන්‍යෝන්‍ය එකමුතුව වර්ධනය වීම ආදිය සඳහා පහසුකම් සැලැස්වීම මෙම අංශයේ ප්‍රධාන අරමුණයි.

මෙම අංශය යටතේ සේවාවන් කිහිපයක් ක්‍රියාත්මක වේ.

 පුස්තකාල සේවාව
 පොදු ක්‍රීඩා හා විනෝද කටයුතු
 මහජන ආධාර
 වෘත්තීය මාර්ගෝපදේශකත්වය
 පෙර පාසල් පවත්වාගෙන යාම

 පුස්තකාල සේවාව
මෙම සේවාවේ ප්‍රධාන අරමුණු මහජනයාට පොත්පත්, වාර සඟරා, පුවත්පත් ආදිය පහසුවෙන් කියවීමට බැහැරව ගෙන යාම, එහි කරුණු ස්ථාපිත කර ගැනීම හා නව තාක්ෂණික පහසුකම් ලබාදීමට සුදුසු ස්ථාන පිහිටුවා පවත්වාගෙන යාමට ක්‍රියා කිරීමයි.

පුස්තකාල ගාස්තු –

 අයදුම්පත්‍ර ගාස්තුව – රු .10.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා පිටත වැඩිහිටි අයෙක්
සදහා සාමාජිකත්වයක් ලබා දීම(වැඩිහිටි සහ ළමා දෙපිරිසටම) – රු.50.00
 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා ප්‍රාදේශීය සභා බල
ප්‍රදේශයෙන් පිටත සාමාජිකත්වය ඇතුළත් කිරිම – රු.50.00
(වැඩිහිටි සහ ළමා දෙපිරිසටම)
 පුස්තකාල සාමාජිකත්වය අලුත් කිරීදේ ගාස්තුව – රු 50.00
 පාඨක සමාජයේ මාසික සාමාජික ගාස්තුව – රු.50.00

 පොත් ප්‍රමාද ගාස්තුව එක් දිනකට – රු.5.00
 නැති වු පොතක් සදහා අයකරන ගාස්තුව දෙපාර්තමේන්තු ගාස්තුව – 25%+ පොතෙහි
වටිනාකම

 පොදු ක්‍රීඩා හා විනෝද කටයුතු

නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් හා ශාරීරීක වර්ධනය හා සුවදායක සේවාවන් වශයෙන් ක්‍රීඩාවට අතහිත දීමේ අරමුණින් මහජන ක්‍රීඩා පිටි හා ක්‍රීඩාව පවත්වාගෙන යාමෙන් ක්‍රීඩා පහසුකම් හා විනෝදාංශ ඇති කිරීම.

ප්‍රදේශවාසීන්ගේ මනෝ සෞඛ්‍ය සංවර්ධනයට මං සැලසීම ප්‍රධාන අරමුණ කරගෙන මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

 මහජන ආධාර
දිළඳු එමෙන්ම දුප්පත් ජනතාව ජීවත් කරලීමේ අරමුණින් ප්‍රාදේශීය සභාවේ පවත්නා ආර්ථික තත්ත්වය අනුව සහනාධාර මුදලක් මාසිකව ලබා දීම,
දරිද්‍රතාවය පිටු දැකීමේ වැඩසටහන්, යම් සහනයන් සැලසීමේ අරමුණින් යුක්තව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

 වෘත්තීය මාර්ගෝපදේශකත්වය
මේ යටතේ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික ප්‍රවර්ධනය සදහා මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට හැකියාව ඇත. කාන්තා අභිවෘද්ධි වැඩසටහන්, ස්වයං
රැකියා පුහුණු කිරීම හා වෘත්තීය මාර්ගෝපදේශකත්වය ලබාදීමේ අරමුණින් මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

 පෙර පාසල් පවත්වාගෙන යාම
ප්‍රාදේශීය සභාව විසින් පෙර පාසල් පවත්වාගෙන යනු ලබන අතර එමඟින් ප්‍රදේශයේ කුඩා දරුවන්ගේ පුර්ව ළමාවිය සංවර්ධනය කිරීමට කටයුතු කරනු
ලබයි. 

මාවනැල්ල ප්‍රාදේශීය සභාව යටතේ පෙර පාසල් 05 ක් අධීක්ෂණය කරනු ලබයි.
 කැප්පෙටිපොල ජයමඟ පෙර පාසල
 බෙලිගම්මන ඉහතෝබු පෙර පාසල

 අලුත්නුවර සුහද පෙර පාසල
 කප්පාගොඩ රන් කැකුළු පෙර පාසල
 අල්පිටිය අරුණළු පෙර පාසල