මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ආදායම් අංශය

මෙම අංශයට අයත් කාර්යය නම් නීතිමය විධිවිධාන අනුව ප්‍රාදේශීය සභා ආදායම් අප්‍රමාදව හා ක්‍රමවත්ව එකතු කර ගැනීම සදහා ගත වූ සෑම පියවරක්ම ගැනීමට ක්‍රියාකරනු ලබන අතර ඒ පිළිබඳ ලිපි ලේඛණ පවත්වාගෙන යාම හා සභාවට ආදායම් වැඩි දියුණු කර ගන්නා මාර්ගයන් සොයා බැලීම හා අවශ්‍ය නීති සම්පාදනය කිරීම වෙනුවෙන් කටයුතු කිරීමයි. ආදායම් අංශය විසින් ලබාදෙනු ලබන සේවාවන් පහත පරිදි සම්පිණ්ඩනය කළ හැක.

වරිපනම් බදු අය කිරීම.
නව වරිපනම් අංකයක් ලබාගැනීම හා වරිපනම් දේපල නම සංශෝධනය කිරීම.
අක්කර බදු අය කිරීම.
සභාව සතු කඩ කාමර, මස් කඩ, මාළු කඩ වලින් කඩ කුලී අය කිරීම.
වෙළද බලපත්‍ර නිකුත් කිරීම.
කර්මාන්ත බදු හා ව්‍යාපාර බදු අය කිරීම.
ප්‍රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්නය සඳහා ගාස්තු අය කිරීම.
සතිපොල පවත්වාගෙන යාම.
රථවාහන නැවතුම්පලවල් සඳහා ගාස්තු අය කිරීම.
ශ්‍රවනාගාරය කුළියට ලබා දීම.
සභාව සතු ක්‍රීඩා පිටි හා විවෘත ස්ථාන කුළියට දීම.
පාපැදි බලපත්‍ර නිකුත් කිරීම.
උසාවි දඩ, මුද්දර ගාස්තු, විනෝද බදු අය කිරීම.

මේ යටතේ ඇති ප්‍රධාන ආදායම් ප්‍රභවයන්

  • වරිපනම් බදු – 1.11

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 වගන්තිය ප්‍රකාරව මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වරිපනම් බදු අය කරනු ලබයි. දැනට 2009 වර්ෂයේ තක්සේරු වටිනාකම මත මෙම බදු අය කරනු ලබන අතර ඒ සඳහා මෙම සභාව විසින් දේපළ වල වාර්ෂික වටිනාකම මත නාගරික දේපළ සඳහා 11% ක් සහ දියුණු ගම් ප්‍රදේශ සඳහා 10% ක ප්‍රතිශතයක් මත වරිපනම් බදු ආදායම ඇස්තමේන්තු කර ඇත.

වාර්ෂික වරිපනම් බදු මුදල අදාළ වර්ෂයේ ජනවාරි 31 වන දිනට හෝ එදිනට පෙර ගෙවනු ලැබුවහොත් එම බදු මුදලින් 10% ක් වූ වට්ටමක්ද, කාර්තු වශයෙන් බදු මුදල් ගෙවන්නේ නම් අදාළ කාර්තුවේ පළමු මාසය තුළ ගෙවන විට 5% ක වට්ටමක්ද පිරිනැමේ. නියමිත කාලසීමාව ඉක්මවා වරිපනම් බදු ගෙවනු ලබන අයගෙන් 10% ක අධි ගාස්තුවක් අයකරනු ලබයි.

නව වරිපනම් අංකයක් ලබාගැනීම හා හිමිකම් සංශෝධනය කිරීම.

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  • ඔප්පුවේ පිටපත
  • සැළැස්මේ පිටපතක්
  • පත්තිරු
  • හිමිකම් සහතිකය
  • පෙළපත් සටහන

 

අයදුම්පත් ගාස්තුව රු. 500.00ක් වන අතර තක්සේරු දෙපාර්තමේන්තුව විසින් අය කරනු හිමිකම් සංශෝධන ගාස්තු ලෙස රු.200.00ක් අයකරනු ලබයි.


සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර 

  1. ගාස්තු ගෙවා අයදුම්පත්‍රය ලබා ගැනීම.
  2. අදාළ ලිපි ලේඛන සමඟ අයදුම්පත්‍රය සම්පූර්ණ කර භාර දීම.
  3. ආදායම් පරීක්ෂක නිර්දේශ ලබා ගැනීම.
  4. තක්සේරු දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරීම.
  5. තක්සේරු දෙපාර්තුමේන්තුවෙන් අනුමැතිය ලබා දුන් පසුව නව වරිපනම් අංකයක් ලබාගැනීම හා වරිපනම් දේපල නම සංශෝධනය කිරීම.

වරිපනම් බදු නොගෙවීම නිසා සිදුවන අහිතකර බලපෑම් 

ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට නොහැකි වීම.
වරිපනම් නොගෙවන අයගේ චංචල හා නිශ්චල දේපල තහනමට ගැනීමට සිදු වීම.
ඒ තුළින් නාගරික බල ප්‍රදේශය තුළ ජීවත් වන අයහපත් බදු නොගෙවන පුද්ගලයෙකු ලෙස අපකීර්තියට පත් වීම.

  • අක්කර බදු – 1.11

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 වගන්තිය ප්‍රකාරව මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටියා වු ස්ථිර වු හෝ නිතිපතා ගොවිතැන් යටතේ වු ඉඩම් හෙක්ටයාර් මත අක්කර බද්දක් අය කිරීමට ප්‍රතිපාදන සැලසී ඇත.  ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර් පහකට අඩු නමුත් හෙක්ටයාර් එකකට අඩු නොවන අවස්ථාවක රු.50.00 ක් සහ  හෙක්ටයාර් පහක් හෝ ඊට වැඩිවන අවස්ථාවක වැඩිවන එක් හෙක්ටයාර් එකක් සඳහා  රු.10.00 ක් වශයෙන් බදු අය කරනු ලබයි. 

වාර්ෂික අක්කර බද්ද අදාළ වර්ෂයෙහි ජනවාරි මස 31 වන දින හෝ ඊට ප්‍රථම ගෙවන්නේ නම් වාර්ෂික අක්කර බද්දේ ප්‍රමාණයෙන් සියයට දහයක (10%) වට්ටමක් ලබා දෙයි.

  • වාහන බලපත්‍ර ගාස්තු (බයිසිකල්) 1-35

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 147 (1) උප වගන්තිය ප්‍රකාරව වාහන හා සතුන් පිළිබඳ බද්දක් අය කල හැකි බවට ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව වාර්ෂිකව පහත පරිදි ගාස්තු අයකරනු ලබයි.

අයදුම්පත් ගාස්තු ( සංශෝධනයක්ට යටත්ව) –  රු. 35.00

බලපත්‍රය – පුද්ගලික ( සංශෝධනයක්ට යටත්ව) –  රු. 24.00

බලපත්‍රය – වෙළඳ ( සංශෝධනයක්ට යටත්ව) – රු. 40.00

 

  • දැන්වීම් පුවරු, ප්‍රචාරක දැන්වීම්, බිත්ති දැන්වීම්, කටවුට්, පොස්ටර් දැන්වීම් සඳහා බලපතු ගාස්තු – 1.36

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 වගන්තිය ප්‍රකාරව සහ අතුරු ව්‍යවස්ථානුකූලව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ යම් වීදියකට, පාරකට, ඇළකට හෝ ඉහළින් පෙනෙන පරිදි දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමේදී දැන්වීම් පුවරු, ප්‍රචාරක දැන්වීම්, බිත්ති දැන්වීම්, කටවුට්, පොස්ටර් දැන්වීම් සඳහා පහත සඳහන් පරිදි ගාස්තුවක් ප්‍රාදේශීය සභාව වෙත ගෙවිය යුතුයි. ප්‍රාදේශීය සභාවේ විධිමත් අවසරයකින් තොරව ප්‍රදර්ශනය කර ඇති සියළු දැන්වීම් ඉවත් කිරීම සිදුකරනු ලබයි.

වර්ග අඩියක් සඳහා අයකරන මුදල (රු.ශත)

දැන්වීම් පුවරු (තාවකාලික බැනර්) රු.75.00 (මාසිකව)
දැන්වීම් පුවරු (ස්ථිර) රු.100.00 (වාර්ෂිකව)

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන 

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
    දැන්වීම් පුවරුවේ හෝ බැනරයේ ඦායාරූපයක්
  • මාර්ග රක්ෂිතයේ බැනර් ප්‍රදර්ශනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්දේශ සහිත ලිපිය

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර 

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය භාර දීම.
    ආදායම් පරීක්ෂක වෙතින් නිර්දේශ ලබා ගැනීම.
    ලේකම්/ සභාපති අනුමැතිය ලබා ගැනීම.
    අදාළ ගාස්තු අයකර ප්‍රදර්ශනයට අවසර ලබා දීම.
  • ව්‍යාපාරයන්ගෙන් අයකරනු ලබන ගාස්තු හා බදු

ව්‍යාපාරයක් යනු, කිසියම් ලාභයක් ඉපයීමේ අරමුණෙන් පවත්වාගෙන යනු ලබන භාණ්ඩ හෝ සේවා හුවමාරු ක්‍රියාවලියක් වන අතර, පළාත් පාලන ආයතන විසින් තම බල සීමාව ඇතුළත පවත්වාගෙන යනු ලබන වෙළඳ ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයකින් පසු එම ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලැබේ.

  1. වෙළඳ බලපත්‍ර ගාස්තුවකට යටත් කරනු ලබන ව්‍යාපාර
  2. කර්මාන්ත බද්දකට යටත්කරනු ලබන ව්‍යාපාර
  3. ව්‍යාපාර බද්දට යටත්කරනු ලබන ව්‍යාපාර

 

වෙළඳ බලපත්‍ර ගාස්තු අයකරනු ලබන ව්‍යාපාර

මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන වෙළඳ ව්‍යාපාරයන් අතරින් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත හෝ ඒ යටතේ පනවා ඇති අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූලව කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ වර්ෂයට වෙළඳ බලපත්‍රයක් ලබා ගත යුතු වූ විට ඒ සඳහා ලබාගත යුතු බලපත්‍රය වෙළඳ බලපත්‍රය වේ. ඒ සඳහා ගෙවිය යුතු ගාස්තුව වෙළඳ බලපත්‍ර ගාස්තුව වේ.

වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීමෙන් ව්‍යාපාරිකයින්ට ලැබෙන වාසි,

  • ගුණාත්මක හා සෞඛ්‍ය ආරක්ෂිත බවින් යුතු සේවාවක් පොදු ජනතාවට සපයනු ලබන බවට පිළිගැනීම ඇති වීම.
  • ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට හැකි වීම.
  • ජනතාවට හිතකර ලෙස පවත්වාගෙන යාම අධීක්ෂණය හා කළමනාකරණය කිරීමට හැකි වීම.

 

මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත යම් ස්ථානයක් හෝ පරිශ්‍රයක් පාවිච්චි කිරීමට
බලය දෙමින් නිකුත් කරනු ලබන වෙළඳ බලපත්‍රය ජනවාරි මාසය තුළදී ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. තවද, එකී ස්ථානය හෝ පරිශ්‍රය 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනතේ කාර්යය සඳහා ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කර ඇති, අනුමත කර ඇති, පිළිගෙන ඇති හෝටලයක්, ආපන ශාලාවක්, නවාතැන්පළක් වන විටදී, ඊට අදාළ බලපත්‍ර ලබාදීමේදී එම ස්ථානයේ හෝ පරිශ්‍රයේ පෙර වර්ෂයේ ලැබීම්වලින් 1% ක් බලපත්‍ර ගාස්තුව ලෙස මාවනැල්ල ප්‍රාදේශිය සභාවට ගෙවිය යුතුය.

මාවනැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සඳහා වෙළඳ
බලපත්‍රක් ලබා නොගත් විටදී 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව චෝදනා
ඉදිරිපත් කර එම ව්‍යාපාරය වසා දැමීමට මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාප්ති ආඥාවක් ලබාගැනීම සිදු වේ.

 

ව්‍යාපාර බද්ද හා කර්මාන්ත බද්ද

1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 150(1)  වන උප වගන්තියෙන් ප්‍රාදේශිය සභාවට ලැබී ඇති බලතල ප්‍රකාර ප්‍රාදේශිය සභා බල  ප්‍රදේශය ඇතුලත යම් පරිශ්‍රයක පවත්වාගෙන යනු ලබන එක් එක් කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකමට අනුරූපව මෙම කර්මාන්ත බද්ද ගණනය කර ඇත. 

එසේම 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 152(1) උප  වගන්තියෙන් ප්‍රාදේශිය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාර එකී පනතේ හෝ යටතේ සාදන ලද යම් අතුරු ව්‍යවස්ථාවක විවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීම හෝ එකී පනතේ 150 යටතේ යම් කර්මාන්ත බද්දක් ගෙවීම අවශ්‍ය නොවන්නා වූ හා වෘත්තියක් නොවන්නා වූ යම් ව්‍යාපාරයක් මාවනැල්ල ප්‍රාදේශිය සභා බල  ප්‍රදේශය ඇතුලත කර ගෙන යනු ලබන සෑම තැනැත්තෙකුගෙන්ම එකී ව්‍යාපාරයේ ඊට පෙර වර්ෂයේ ලැබීම් පදනම් කර ගෙන ව්‍යාපාර බද්දක් අය කරනු ලැබේ.

එම බදු මුදල් අදාළ වර්ෂයේ මාර්තු 31 වන දිනට පෙර මාවනැල්ල ප්‍රාදේශිය සභාවට ගෙවිය යුතුය.

 

සේවාලාභියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන 

  • නිවැරිදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය.

අදාළ ගාස්තු

  • වාර්ෂික වටිනාකම මත ගාස්තු අය කෙරේ.

සේවාවට අදාළ ප්‍රධාන වැඩ පියවර 

  • අයදුම්පත්‍රය ලබා ගැනීම.
    අයදුම්පත්‍රය භාර ගැනීම.
    ආදායම් පරීක්ෂක නිර්දේශ ලබා ගැනීම.
    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශ ලබා ගැනීම.
    සභාපති/ලේකම් අනුමැතිය ලබා ගැනීම.
    අදාළ ගාස්තු අය කිරීම.
    බලපත්‍රය නිකුත් කිරීම.

 

ව්‍යාපාර බදු, කර්මාන්ත බදු, හා වෙළඳ බලපත්‍ර අයදුම්පත්‍රය මෙතනින් බාගත කරගන්න.

 

6). කඩ කාමර, මස් හා මාළු කඩ කුලී ආදායම

මාවනැල්ල ප්‍රාදේශීය සභාන සතු පොදු කඩ කාමර සඳහා තක්සේරු දෙපාර්තුමේන්තුව විසින් සිදු කරනු ලබන තක්සේරුවට අනුව මාසික ගාස්තු අයකරනු ලැබේ. අදාළ මාසය තුළ හෝ ඊට පෙර එම බදු මුදල් නොගෙවන්නේ නම් 10% ක දඩ මුදලකට යටත් වේ. තව ද ප්‍රාදේශීය සභාව සතු සියළු මස් හා මාළු කඩ වාර්ෂිකව ටෙන්ඩර් කරනු ලබයි. එසේම ඊට අදාළ ගාස්තු අදාළ මාසය තුළ හෝ ඊට පෙර එම බදු මුදල් නොගෙවන්නේ නම් 10% ක දඩ මුදලක් අය කරනු ලබයි.

7). රථ වාහන නැවතුම්පල ගාස්තු අය කිරීම.

1987 අංක 15 දරණ ප්‍රදේශීය සභා පනතේ අංක 122 හා 126 වගන්ති යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව සම්පාදනය කරන ලද 2013.12.06 දින අංක 1840 දරණ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ සබරගමු පලාත් සභාවේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා විසින් අනුමත කොට ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කොට ඇති මාර්ගවල රථ වාහන නතර කිරීම හා එකී මාර්ගවල රථ වාහන හැසිරවීම විධිමත් කිරීම, අධීක්ෂණය කිරීම හා පාලනය කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ගාස්තු මාවනැල්ල ප්‍රාදේශිය සභාව සතු නැවතුම්පලවල රථවාහන නතර කිරීම වෙනුවෙන් පහත පරිදි ගාස්තු අය කිරීම සිදු කරනු ලබයි.

ත්‍රී රෝද රථයක් රථ ගාල අඛණ්ඩව පාවිච්චි කරන අවස්ථාවක (වාර්ෂිකව) – 1,000.00
ත්‍රී රෝද රථයක් රථ ගාල අඛණ්ඩව පාවිච්චි කරන අවස්ථාවක (මාසිකව) – 150.00
වෑන් රථ,බස් රථ,ලොරි රථ,ටිපර් රථ,ට්‍රේලර් සහිත වෙනත් වාහන – 1,500.00
අඛණ්ඩව පාවිච්චි කරන අවස්ථාවක (වාර්ෂිකව)
වෑන් රථ,බස් රථ,ලොරි රථ,ටිපර් රථ,ට්‍රේලර් සහිත වෙනත් වාහන – 200.00
අඛණ්ඩව පාවිච්චි කරන අවස්ථාවක (මාසිකව)

අඛණ්ඩ රථගාල පාවිච්චි නොකරන, රථ ගාලෙහි නතර කරනු ලබන රථ වාහන සඳහා පනවන
ගාස්තුව

යතුරු පැදි සඳහා රු.10.00
ත්‍රී රෝද රථ සඳහා රු.20.00
කාර්,වෑන්,ජිප්,කැබ්රථ, මෝටර් රථ හා බස් රථ (ලංගම හැර) රු. 50.00

ලොරි රථ,ට්‍රිපර් රථ,ට්‍රේලර් සහිත වෙනත් වාහන සඳහා

ඉහත සඳහන් වාහන හැර වෙනත් වාහන සඳහා රු. 60.00

8). විනෝද බදු

ප්‍රාදේශීය සභාව විසින් යෝජනා සම්මතයකින් පනවනු ලබන යෝජනාවක් මඟින් එකී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වනු ලබන විනෝද කටයුතු සඳහා ගෙවනු ලබන ඇතුළුවීමේ ගාස්තුවෙන් එම යෝජනාවේ නිශ්චිත වශයෙන් දැක්වෙන ප්‍රමාණයකට හෝ අනුකූලව බද්දක් අය කිරීමයි. විනෝද බදු ගෙවිය යුතු කාර්යයක් සිදු කිරීමේ ඒ සඳහා ප්‍රාදේශීය සභාවට පැමිණ අවසරය ලබා ගත යුතු අතර, නිකුත් කරනු ලබන සියළුම ප්‍රවේශ පත්‍රයන්ගේ ප්‍රාදේශීය සභාවේ නිල මුද්‍රාව තැබිය යුතුයි. එසේම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ප්‍රාදේශීය සභාවේ නිළධාරීන්ගේ නිරීක්ෂණය හා අධීක්ෂණය යටතේ සිදු කළ යුතුයි.

මීට අමතරව මාවනැල්ල ප්‍රාදේශිය සභාව විසින් සපයනු ලබන යම් යම් සේවාවන් හෝ පහසුකම් වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු හා අයදුම්පත්‍ර ගාස්තු මෙසේය.

අනු අංකය

සේවාව

කාරණය

2023 වර්ෂය සදහා අනුමත ගාස්තුව

1

ජලය ලබා ගැනිමට සභාවේ අනුමැතිය සහිත ලිපි නිකුත් කිරීම

*ලිපියක් නිකුත් කිරීමේ ගාස්තුව

රු.    200.00

2

විදුලිය ලබා ගැනිමට සභාවේ අනුමැතිය සහිත ලිපි නිකුත් කිරීම .

*ලිපියක් නිකුත් කිරීමේ ගාස්තුව

රු.    200.00

3

වීථි රේඛා හා නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගැනිම

*අයදුම්පත්‍ර හා සහතික ගාස්තුව

රු.   1000.00

4

ජල බවුසරය කුලියට සැපයිම

ට්‍රැක්ටර් බවුසරය ජලය රහිතව කි.මී.15 ක් තුළ 

රු.   7875.00

 

දිනකට ගාස්තුව

 
 

*ස්ථානයේ නතර කර තැබිම දිනකට

රු .1000.00

 

*වැඩිවන 1km සඳහා 

රු.    142.50

5

ජේ.සි.බි. යන්ත්‍රය කුලියට දිම

පැය 4 ට අඩු ඕනෑම කාල සීමාවක් සදහා 

රු.17715.00

 

පැය 4 ඉක්මවන කාලය සදහා පැයකට ගාස්තුව

රු.4245.00

 

*ස්ථානයේ නතර කර තැබිම දිනකට

රු 1000.00

6

ක්‍රිඩා පිටිය කුලියට දීම

*ක්‍රිඩා පිටිය පමණක් දිනකට

රු .5000.00

දින භාගයකට

රු.3000.00

දිනකට මුදල් ඉපයීමේ උත්සව සදහා

රු.10000.00

ක්‍රිඩා පිටිය සඳහා ආපසු ගෙවන තැම්පත් 

රු .5000.00

ක්‍රිඩා පිටිය සංගීත සංදර්ශනයක් සඳහා  කුලියට දීමේ ආපසු ගෙවන තැම්පත් 

රු..30000.00

ක්‍රිඩා පිටිය විනෝද සැනකෙලියක් සඳහා    කුලියට දීමේ ආපසු  ගෙවන තැම්පත්

රු.50000.00

7

කොඩි කණු කුලියට ලබා දීම

*එක කනුවක් එක දිනකට

රු.      25.00

8

ගොඩනැගිලි සැලසුම් අනුමතකිරිම

අයදුම්පත්‍ර ගාස්තුව

රු.. 1000.00

9

බිම් කට්ටි සැලසුම් අනුමත කිරිම

අයදුම්පත්‍ර ගාස්තුව

රු..  500.00

10

ගලි සේවාව සැපයිම

*ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත 

රු.10000.00

සේවක තැම්පත්

රු. 1900.00

ප්‍රාදේශිය සභා බල ප්‍ර‍දේශයෙන් පිටත 

රු 12000.00

*වැඩිවන 1km ක් සඳහා (වෙන් වෙන්ව යාමට හා ඒමට)

රු.400.00

11

අනතුරුදායක ගස් ඉවත් කිරිම

*කොස් , ගැහැණු තල්, කැලෑ දෙල් ගස් සදහා අයදුම් පත් ගාස්තු

රු.1000.00

*අනෙකුත් ගස් සදහා  අයදුම් පත් ගාස්තු

රු.600.00

12

තක්සේරු ලේඛනයට නම ඇතුළත් කිරිම

අයදුම්පත්‍ර ගාස්තුව

රු .500.00

13

වරිපනම් උදෘත ලබා ගැනිම

එක් වර්ෂයක් සදහා ගාස්තුව

රු .25.00

  

එක් වර්ෂයක් සදහා පිටපත් කිරිමේ ගාස්තුව

රු .10.00

14

ප්‍රතිදිප්ත ප්‍රචාරක දැන්වීම්(ඩ්ජිටල් දැන්විම්)

වර්ග අඩි 01 ක් මාසයක් ප්‍රදර්ශනය කිරිම සදහා

රු .300.00

15

පුස්තකාල සාමාජික ගාස්තු

*අයදුම්පත්‍ර ගාස්තුව

රු .10.00

*ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා පිටත වැඩිහිටි අයෙක් සදහා  සාමාජිකත්වයක් ලබා දීම

රු.50.00

*ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත සාමාජිකත්වය අළත් කිරිම – (වැඩිහිටි සහ ළමා දෙපිරිසටම)

රු.50.00

*පාඨක සමාජයේ මාසික සාමාජික ගාස්තුව 

රු.50.00

*පොත් ප්‍රමාද ගාස්තුව එක් දිනකට

රු..5.00

*නැති වු පොතක් සදහා අයකරන ගාස්තුව

දෙපාර්තමේන්තු ගාස්තුව  25% + පොතෙහි නියම වටිනාකම

16

පා පැදි බලපත්‍රය

*අයදුම්පත්‍ර ගාස්තුව  (සංශෝධනයන්ට යටත්ව)

රු 35.00

*බලපත්‍රය – පුද්ගලික(සංශෝධනයන්ට යටත්ව)

රු 24.00

*බලපත්‍රය -වෙළඳ (සංශෝධනයන්ට යටත්ව)

රු. 40.00

17

අනුමත ගොඩනැගිලි සැලැස්ම

*කාලය දීර්ග කර ගැනිම එක් වසරක් සදහා 

රු 5000.00

*සහතික පිටපතක් නිකුත් කිරිම

රු 100.00

*ලේඛන සෙවීමේ ගාස්තු නම පමණක් ලබා දී ඇති විට

රු 100.00

*ලේඛන සෙවීමේ ගාස්තු නම හා වර්ෂය ලබා දීඇති විට

රු. 100.00

*ලේඛන සෙවීමේ ගාස්තු නම හා අංකය ලබා දීඇති විට

රු. 100.00

18

පෙර පාසල

* ළමුන් ඇතුලත් කිරිමේ ගාස්තුව ( එක් වර්ෂයකට)

රු .100.00

19

කාබනික පොහොර අලෙවිය

*කිලෝ 50 පොහොර උරයක්

රු.1000.00

*කිලෝ 25 පොහොර උරයක්

රු.500.00

*කිලෝ 10 පොහොර උරයක්

රු. 200.00

20

මාර්ග පළුදු කිරිම

*තාර /කොන්ක්‍රිට්/අන්තර් සම්බන්ධිත ගල් අතුරන ලද මාර්ග තලය පළුදු කිරිම වර්ග අඩි 1ක් සදහා

රු. 175.00

*පස් සහිත මාර්ග උරහිස සහ මාර්ග තලය පළුදු කිරිම වර්ග අඩි 1 ක් සදහා 

රු. 62.50

21

සභාව සතු භූමිය කුලියට දීම

*රැස්වීම් හෝ වෙනත් වැඩසටහන් සඳහා(එක් දිනකට)

රු. 1000.00

  

*ආරක්ෂිත තැම්පත් 

රු. 5000.00

22

රංග ශාලාව කුලීයට දීම

*එක් දිනක් සදහා කුලිය

රු.10000.00

  

*ආරක්ෂිත තැම්පත් ( ආපසු ගෙවන)

රු .5000.00

23

කඩ කාමර අතුරු බදු දීම 

අයදුම්පත්‍ර ගාස්තුව

        රු. 1000.00

24

නගරසීමාවෙන් පිට  පිඹුරුපත් 

අයදුම්පත්‍ර ගාස්තුව

        රු.200.00                  

 

අයදුම්පත්‍ර ගාස්තු

  

25

නගරසීමාවෙන් පිට  ගොඩනැගිලි

අයදුම්පත්‍ර ගාස්තුව

        රු.300.00                        

 

අයදුම්පත්‍ර ගාස්තු

  

26

කුඹුරු ඉඩම් ගොඩකිරීමේ ගාස්තු

ගාස්තුව

        රු. 1500.00                 

    

27

නගරසීමාවෙන් පිට  අනුකූලතා සහතික

ගාස්තුව

        රු. 500.00

නිකුත් කිරිම

  

28

ගවයකු ඝාතනය කිරීම

බලපත්‍ර