ගිණුම් අංශය

මෙම අංශයේ ප්‍රධාන පරමාර්ථය නම් මූල්‍ය පාලනයයි. සභාවේ සියළුම මූල්‍ය කටයුතු ඉටු කිරීම හා ඒකාබද්ධ කිරීම ප්‍රධානතම කාර්යය වේ. භාවිතය සදහා අවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් තොග ගබඩා අවශ්‍ය වන්නේ නම් ඒවා පවත්වාගෙන යාම් හා පාලනය කිරීම් ආදී කටයුතු ඉටු කරනු ලබයි. මේ යටතේ සිදුවන සේවාවන් මෙසේ විග්‍රහ කල හැක.

 අයවැය ලේඛණය පිළියෙල කිරීම, ක්‍රියාත්මක කිරීම, ගිණුම් තැබීම හා ගිණුම් වාර්තා සැපයීම.
 ආදායම් ප්‍රතිපත්ති හා මුදල් සැපයුම් පරිපාලනය කිරීම.
 ප්‍රාදේශීය සභා අරමුදල් පාලනය කිරීම.
 ආදායම් හා වෙනත් ලැබීම් පිළිබද මධ්‍යගත පාලනය.
 ගිණුම්ගත කිරීමේ ක්‍රම, කාර්ය සංවිධානය හා පාලන ක්‍රම, ගිණුම් පොත්පත් පවත්වාගෙන යාම හා ගිණුම් ප්‍රකාශන පිළියෙල කිරීම.
 බඩු බාහිරාදිය මිළදී ගැනීම, එහි භාරකත්වය, බෙදා හැරීම් පිළිබද මධ්‍යගත පාලනය කාර්ය මණ්ඩල වැටුප් හා පාරිශ්‍රමික දීමනා පිළියෙල කිරීම.