හෙම්මාතගම මහජන පුස්තකාලය
දැක්ම
දැනුමෙන් ස්වයං පෝෂිත පරපුරක් බිහි කිරීම
මෙහෙවර
අප ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවගේ දැනුම සහ ආකල්ප දියුණු කිරීමේ
පරමාර්ථයෙන් ඹවුන්ගේ බුද්ධි සංවර්ධනයට ඉවහල් වන පොත්පත්, සඟරා, පුවත්පත් සහ අනෙකුත් දැනුම්
මුලාශ්‍ර ඒකරාශී කරමින් දැනුමින් සපිරි සමාජයක් බිහි කිරීම.
හැඳින්වීම
මාවනැල්ල ප්‍රදේශීය සභාවට අයත් මෙම පුස්තකාලය 1998 .02.07 වන දින සභාපති නිමල් ජයසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලදී. තුන්වන ශ්‍රේණියේ මහජන පුස්තකාලයක් ලෙස ශ්‍රේණිගතකර ඇති මෙම පුස්තකාලයේ පාඨක සංඛ්‍යාව 1173 කි. විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් පොත් 7726 ක ප්‍රමාණයක් පවතින අතර දෛනිකව පුස්තකාලය භාවිතා කිරීම සඳහා පැමිණෙන පාඨකයින්ගේ පහසුව හා ඔවුන් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් පහත සඳහන් පහසුකම් පුස්තකාලය තුළ සපයා ඇත.
ඩිව් දශම වර්ගීකරණයට අනුව පොත් වර්ග කර තිබීම.
පොත් විෂයන් අනුව හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ණ යොදමින්වර්ගීකරණය කර තිබීම.
පාඨක යෝජනා හා චෝදනා වෙනුවෙන් අවස්ථාව වෙන් කර තිබීම.
වාර්ෂිකව පොත් සංඛ්‍යාව වර්ධනය කිරීම.
කියවීමේ පහසුකම් සලසා තිබීම.
පුස්තකාලයේ අංශ
බැහැර දෙන අංශය
විමර්ශන අංශය
සඟරා අංශය
පුවත්පත් අංශය
විවෘතව තබන වේලාව
සතියේ සෑම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව.4.45 දක්වා
සාමාජික ලියාපදිංචිය
සාමාජික අයදුම්පත්‍ර ගාස්තු – රු.5.00
සාමාජිකත්ව ගාස්තු (වැඩිහිටියන්) – රු.100.00
සාමාජිකත්ව ගාස්තු (ළමුන්) – රු.50.00
සාමාජිකත්වය අළුත් කිරීමේ ගාස්තු (අවුරුදු 2 ක් සඳහා) – රු.50.00
කාර්යය මණ්ඩලය
එස්.එස්.සී.එස්.සමරකෝන්,
පුස්තකාලාධිපති,
හෙම්මාතගම මහජන පුස්තකාලය.
දු.අ. – 076-0008328