සංවර්ධන අංශය
භෞතික සැලසුම් කිරීම්, මංමාවත් වල ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය, ප්‍රාදේශීය සභාව සතු දේපල ක්‍රමවත්ව පවත්වාගෙන යාම, නඩත්තු කිරීම සහ පාලනය, නගර නිර්මාණය, මාර්ග, මංමාවත්,කාණු, පාලම් සංවර්ධනය හා නඩත්තුව නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එකතුව ප්‍රාදේශීය සභා සීමාව තුළ ඉදිකරනු ලබන ගොඩනැගිලි සඳහා අනුමැතිය ලබාදීම, සංවර්ධන සැලසුම් විධිමවත්ව සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම ආදී සේවාවන් මෙම අංශය යටතේ සිදු කරනු ලබයි.
- නගර නිර්මාණය
නගරයේ ඉදිකිරීම් කටයුතු සැලසුම්ගතව සහ ක්‍රමවත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ ගොඩනැඟිලි සංවර්ධන සහ අනු බෙදුම් සැලසුම් පරීක්ෂා කර අනුමත කිරිම මේ යටතේ සිදු කරනු ලබයි.
- මාර්ග කාණූ පාලම් හා බෝක්කු නඩත්තුව
මෙම සේවාව යටතේ සිදුවන ප්‍රධාන කාර්යය නම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියළුම මාර්ග,මංමාවත්, කාණු, බෝක්කු, පාලම් හා ඇළ දොළ සංවර්ධනය හා නඩත්තු කිරීමයි.
- ඉඩම් හා ගොඩනැගිලි
මෙම සේවාව යටතේ ප්‍රාදේශීය සභාව සතු සියළු ඉඩම්, ගොඩනැඟිලි, නිවාස යෝජනා ක්‍රම, සාප්පු සංකීර්ණ, කඩ කාමර, පොදු වෙළදපල ආදිය සංවර්ධනය, නඩත්තු කිරීම හා සංරක්ෂණය කිරීම, සීමා නිරවුල් කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරිම සිදු කරයි.
- මල් වතු හා උද්‍යාන
මෙම සේවාව යටතේ ප්‍රධාන කටයුතු නම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අලංකාරය පිණිස මල්වතු හා උද්‍යාන නඩත්තු කිරීම හා පාලනය කිරීමයි.
මෙම අංශය යටතේ සිදු කරනු ලබන සේවාවන් වෙනුවෙන් පහත පරිදි ගාස්තු අය කරනු ලැබේ.
- පාරවල් පළුදු කිරීම වෙනුවෙන් අය කරනු ලබන ගාස්තු
- කොන්ක්‍රීට් පාර – වර්ග අඩි 1 ක් සඳහා රු. 175.00
- තාර පාර – වර්ග අඩි 1 ක් සඳහා රු. 125.00
- බොරළු පාර – වර්ග අඩි 1 ක් සඳහා රු. 62.50
- නිසි සංවර්ධන බලපත්‍රයකින් අනුමැතියකින් තොරව ගොඩනැගිලි ඉදි කිරිම්, කොටස් එකතු කිරිම්, නැවත ඉදිකිරිම් සම්බන්ධව දඩ වශයෙන් අය කරනු ලබන ගාස්තු
විස්තරය නේවාසික වාණිජ හා වෙනත්
- අත්තිවාරම පමණක් සම්පුර්ණ ඇතිකර විට
(වර්ග මීටර් 01ක් සඳහා) රු.200.00 රු.500.00
- වහළ මට්ටම දක්වා ඉදිකොට ඇති විට
(වර්ග මීටර් 01ක් සඳහා) රු.300.00 රු.1000.00
- වහළය ඇතුළු ව ඉදිකොට ඇති විට
(වර්ග මීටර් 01ක් සඳහා) රු.400.00 රු.1500.00
- සම්පුර්ණයෙන් ඉදිකොට ඇති විට
(වර්ග මීටර් 01ක් සඳහා) රු.500.00 රු.2000.00
- මායිම්,තාප්ප ආරක්ෂිත බැම්ම ඉදිකර විට
(දික් මීටර් 01ක් සඳහා) රු.200.00 රු.500.00
- ආකෘති හා පෝරම් විකිණීමේ ගාස්තු
- ගොඩනැගිලි අයදුම්පත්‍ර ගාස්තු (නගර සීමාව තුල) රු.1000.00
- ගොඩනැගිලි අයදුම්පත්‍ර ගාස්තු (නගර සීමාවෙන් පිටත) රු. 300.00
- ඉඩම් අනු කොටස් කිරිමේ අයදුම්පත් (නගර සීමාව තුල) රු. 500.00
- ඉඩම් අනු කොටස් කිරිමේ අයදුම්පත් (නගර සීමාවෙන් පිටත) රු. 200.00
- ඉඩම් අනු බෙදුම් සඳහා
- පර්චස් 150-300m2 රු. 1000.00
- පර්චස් 301-600m2 රු. 800.00
- පර්චස් 601-900m2 රු. 600.00
- පර්චස් 900m2 ට වැඩි රු. 500.00
- ගොඩනැඟිලි සැලසුම් සඳහා පෙරසැරි ගාස්තු (වර්ග මීටර් 01)
වර්ග අඩි තනි පුද්ගල මහල් නිවාස ව්‍යාපාරික
(වර්ග මීටර් 01) (වර්ග මීටර් 01) (වර්ග මීටර් 01)
- වර්ග මීටර් 400 දක්වා රු 20/- රු 25/- රු 25/-
- වර්ග මීටර් 401- 1000 රු 22/- රු 27/- රු 27/-
- වර්ග මීටර් 1001-1500 රු 25/- රු 30/- රු 30/-
- වර්ග මීටර් 1501-2000 රු 25/- රු 32/- රු 32/-
- වර්ග මීටර් 2000 ට වැඩි වැඩිවන සෑම වැඩිවන සෑම වැඩිවන සෑම
වර්ගමීටර් 90 වර්ගමීටර් 90 වර්ගමීටර් 90 ක් සඳහා ක් සඳහා ක් සඳහා
රු 2000.00 රු 2000.00 රු 2000.00
- ගොඩනැඟිලි පරීක්ෂණ ගාස්තු (නාගරික සීමාවෙන් පිට) :- රු. 500.00
- පිඹුරුපත් අනුමත කිරීමේ ගාස්තු (නාගරික සීමාවෙන් පිට) :- රු. 500.00
මීට අමතරව මාවනැල්ල ප්‍රාදේශිය සභාව විසින් සපයනු ලබන යම් යම් සේවාවන් හෝ පහසුකම් වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු හා අයදුම්පත්‍ර ගාස්තු මෙසේය.
අනු අංකය | සේවාව | කාරණය | 2023 වර්ෂය සදහා අනුමත ගාස්තුව |
1 | ජලය ලබා ගැනිමට සභාවේ අනුමැතිය සහිත ලිපි නිකුත් කිරීම | *ලිපියක් නිකුත් කිරීමේ ගාස්තුව | රු. 200.00 |
2 | විදුලිය ලබා ගැනිමට සභාවේ අනුමැතිය සහිත ලිපි නිකුත් කිරීම . | *ලිපියක් නිකුත් කිරීමේ ගාස්තුව | රු. 200.00 |
3 | වීථි රේඛා හා නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගැනිම | *අයදුම්පත්‍ර හා සහතික ගාස්තුව | රු. 1000.00 |
4 | ජල බවුසරය කුලියට සැපයිම | ට්‍රැක්ටර් බවුසරය ජලය රහිතව කි.මී.15 ක් තුළ | රු. 7875.00 |
දිනකට ගාස්තුව | |||
*ස්ථානයේ නතර කර තැබිම දිනකට | රු .1000.00 | ||
*වැඩිවන 1km සඳහා | රු. 142.50 | ||
5 | ජේ.සි.බි. යන්ත්‍රය කුලියට දිම | පැය 4 ට අඩු ඕනෑම කාල සීමාවක් සදහා | රු.17715.00 |
පැය 4 ඉක්මවන කාලය සදහා පැයකට ගාස්තුව | රු.4245.00 | ||
*ස්ථානයේ නතර කර තැබිම දිනකට | රු 1000.00 | ||
6 | ක්‍රිඩා පිටිය කුලියට දීම | *ක්‍රිඩා පිටිය පමණක් දිනකට | රු .5000.00 |
දින භාගයකට | රු.3000.00 | ||
දිනකට මුදල් ඉපයීමේ උත්සව සදහා | රු.10000.00 | ||
ක්‍රිඩා පිටිය සඳහා ආපසු ගෙවන තැම්පත් | රු .5000.00 | ||
ක්‍රිඩා පිටිය සංගීත සංදර්ශනයක් සඳහා කුලියට දීමේ ආපසු ගෙවන තැම්පත් | රු..30000.00 | ||
ක්‍රිඩා පිටිය විනෝද සැනකෙලියක් සඳහා කුලියට දීමේ ආපසු ගෙවන තැම්පත් | රු.50000.00 | ||
7 | කොඩි කණු කුලියට ලබා දීම | *එක කනුවක් එක දිනකට | රු. 25.00 |
8 | ගොඩනැගිලි සැලසුම් අනුමතකිරිම | අයදුම්පත්‍ර ගාස්තුව | රු.. 1000.00 |
9 | බිම් කට්ටි සැලසුම් අනුමත කිරිම | අයදුම්පත්‍ර ගාස්තුව | රු.. 500.00 |
10 | ගලි සේවාව සැපයිම | *ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත | රු.10000.00 |
සේවක තැම්පත් | රු. 1900.00 | ||
ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් පිටත | රු 12000.00 | ||
*වැඩිවන 1km ක් සඳහා (වෙන් වෙන්ව යාමට හා ඒමට) | රු.400.00 | ||
11 | අනතුරුදායක ගස් ඉවත් කිරිම | *කොස් , ගැහැණු තල්, කැලෑ දෙල් ගස් සදහා අයදුම් පත් ගාස්තු | රු.1000.00 |
*අනෙකුත් ගස් සදහා අයදුම් පත් ගාස්තු | රු.600.00 | ||
12 | තක්සේරු ලේඛනයට නම ඇතුළත් කිරිම | අයදුම්පත්‍ර ගාස්තුව | රු .500.00 |
13 | වරිපනම් උදෘත ලබා ගැනිම | එක් වර්ෂයක් සදහා ගාස්තුව | රු .25.00 |
එක් වර්ෂයක් සදහා පිටපත් කිරිමේ ගාස්තුව | රු .10.00 | ||
14 | ප්‍රතිදිප්ත ප්රචාරක දැන්වීම්(ඩ්ජිටල් දැන්විම්) | වර්ග අඩි 01 ක් මාසයක් ප්‍රදර්ශනය කිරිම සදහා | රු .300.00 |
15 | පුස්තකාල සාමාජික ගාස්තු | *අයදුම්පත්‍ර ගාස්තුව | රු .10.00 |
*ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා පිටත වැඩිහිටි අයෙක් සදහා සාමාජිකත්වයක් ලබා දීම | රු.50.00 | ||
*ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත සාමාජිකත්වය අළත් කිරිම – (වැඩිහිටි සහ ළමා දෙපිරිසටම) | රු.50.00 | ||
*පාඨක සමාජයේ මාසික සාමාජික ගාස්තුව | රු.50.00 | ||
*පොත් ප්‍රමාද ගාස්තුව එක් දිනකට | රු..5.00 | ||
*නැති වු පොතක් සදහා අයකරන ගාස්තුව | දෙපාර්තමේන්තු ගාස්තුව 25% + පොතෙහි නියම වටිනාකම | ||
16 | පා පැදි බලපත්‍රය | *අයදුම්පත්‍ර ගාස්තුව (සංශෝධනයන්ට යටත්ව) | රු 35.00 |
*බලපත්‍රය – පුද්ගලික(සංශෝධනයන්ට යටත්ව) | රු 24.00 | ||
*බලපත්‍රය -වෙළඳ (සංශෝධනයන්ට යටත්ව) | රු. 40.00 | ||
17 | අනුමත ගොඩනැගිලි සැලැස්ම | *කාලය දීර්ග කර ගැනිම එක් වසරක් සදහා | රු 5000.00 |
*සහතික පිටපතක් නිකුත් කිරිම | රු 100.00 | ||
*ලේඛන සෙවීමේ ගාස්තු නම පමණක් ලබා දී ඇති විට | රු 100.00 | ||
*ලේඛන සෙවීමේ ගාස්තු නම හා වර්ෂය ලබා දීඇති විට | රු. 100.00 | ||
*ලේඛන සෙවීමේ ගාස්තු නම හා අංකය ලබා දීඇති විට | රු. 100.00 | ||
18 | පෙර පාසල | * ළමුන් ඇතුලත් කිරිමේ ගාස්තුව ( එක් වර්ෂයකට) | රු .100.00 |
19 | කාබනික පොහොර අලෙවිය | *කිලෝ 50 පොහොර උරයක් | රු.1000.00 |
*කිලෝ 25 පොහොර උරයක් | රු.500.00 | ||
*කිලෝ 10 පොහොර උරයක් | රු. 200.00 | ||
20 | මාර්ග පළුදු කිරිම | *තාර /කොන්ක්‍රිට්/අන්තර් සම්බන්ධිත ගල් අතුරන ලද මාර්ග තලය පළුදු කිරිම වර්ග අඩි 1ක් සදහා | රු. 175.00 |
*පස් සහිත මාර්ග උරහිස සහ මාර්ග තලය පළුදු කිරිම වර්ග අඩි 1 ක් සදහා | රු. 62.50 | ||
21 | සභාව සතු භූමිය කුලියට දීම | *රැස්වීම් හෝ වෙනත් වැඩසටහන් සඳහා(එක් දිනකට) | රු. 1000.00 |
*ආරක්ෂිත තැම්පත් | රු. 5000.00 | ||
22 | රංග ශාලාව කුලීයට දීම | *එක් දිනක් සදහා කුලිය | රු.10000.00 |
*ආරක්ෂිත තැම්පත් ( ආපසු ගෙවන) | රු .5000.00 | ||
23 | කඩ කාමර අතුරු බදු දීම | අයදුම්පත්‍ර ගාස්තුව | රු. 1000.00 |
24 | නගරසීමාවෙන් පිට පිඹුරුපත් | අයදුම්පත්‍ර ගාස්තුව | රු.200.00 |
අයදුම්පත්‍ර ගාස්තු | |||
25 | නගරසීමාවෙන් පිට ගොඩනැගිලි | අයදුම්පත්‍ර ගාස්තුව | රු.300.00 |
අයදුම්පත්‍ර ගාස්තු | |||
26 | කුඹුරු ඉඩම් ගොඩකිරීමේ ගාස්තු | ගාස්තුව | රු. 1500.00 |
27 | නගරසීමාවෙන් පිට අනුකූලතා සහතික | ගාස්තුව | රු. 500.00 |
නිකුත් කිරිම | |||
28 | ගවයකු ඝාතනය කිරීම | බලපත්‍ර ගාස්තුව | රු. 2000.00 |